2015 ගත් යහපාලන තීන්දුව වැරදී නැහෑ.... දඹර අමිල හිමි

සැප් 13, 2019

    2015 යහපාලන වැඩපිළිවෙළේ දිගුවක් ලෙස සලකා මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙරට ජනතාවට ඉතිහාසය අමතක නැති බවත් පැවසු උන්වහන්සේ මෙහිදි කියා සිටියා. එනිසා යහපාලන ගමන් මඟ, 2015 දී සියලු දෙනා එකතු වී සියලු දෙනා අත ගසා සාධුකාර දුන් ඒ මහා පුජා වට්ටිය තවදුරටත් ඉදිරියට යා යුතු බව ප්‍රශ්නයක් නොවන බවත් පැවසීය.

    වැරදි අඩුපාඩු මේ වන විට අවබෝධ කර ගෙන ඇති බවත්, හරි ඒවා මොනවා ද යන්න තහවුරු කර ගෙන ඇති බවත් දඹර අමිල හිමියන් පැවසුහ. නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීමේ හැකියාව ඇති බැවින් ආපු ගමන ආපස්සට හැරෙනවා වෙනුවට ආපු ගමන තව දුරටත් ඉස්සරහට යෑමට තීන්දු ගැනීම පමණක් සිදු කිරීමට ඇති බවත් පෙන්වා දුන්නාහ.

    2015 සියලු දෙනා ගත් තීන්දුව අබමල් රේණුවකින් හෝ වැරදි නොමැති බවත් උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ.

    Latest News