හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වාධීන තීරණයෙක්..රජය මානව කොමිසමට කියයි

සැප් 12, 2019

    ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයා පත් කිරීම,මෙරට රාජ්‍ය නායකයාගේ ස්වාධීන තීරණයක් බවත්, ඊට කෙරෙන බාහිර බලපෑම් කිසිසේත් අනුමත කළ නොහැකි බවත් රජය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දැනුම් දෙයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරය අමතමින්, ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අසීස් මහතා මේ බව අවධාරණය කලේය.

    ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා, අද පැවති සැසිවාරයේ දී සිය දේශනය සිදුකළේය. මෙරට හමුදාපතිවරයා පත් කිරීම ගැන, හුදෙක් චෝදනා මත පදනම්ව, ඇතැම් පාර්ශව මේ සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ, ස්වාභාවික යුක්තියට පටහැනි බව ඔහු පෙන්වා දෙයි. මීට මාස 4කට පෙර සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට මූලික අයිතිවාසිකම් කඩ නොවන ආකාරයෙන්, ජනතාව සුරැකීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට, ආරක්ෂක අංශ සමත් වූ බව අසීස් මහතා සඳහන් කළේය. වෛරී ප්‍රකාශ පිටුදැකීමට රජය දැඩි පියවර ගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම, වාර්ගික හා ආගමික ස්වරූපයක් ගත් සියලුම අපරාධ මෙන්ම අන්තවාදීත්වය පිටුදැකීමටද රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඔහු මානව හිමිකම් කවුන්සිලයට විස්තර කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 09:11

    Latest News