කෝටියකට වැඩි රත්‍රං රේගුව අල්ලයි

නොවැ 23, 2018

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් ආභරණ තොගයක් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණි.

    ඒ ගුවන්තොටුපොළ රේගුව විසින්. වටිනාකම රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට අධිකයි. ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ 2යි ග්‍රෑම් 540ක්. රන් මාල, අත් පළඳනා, පෙන්ඩන්ඩ් ඒ අතර වෙයි. සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගැනුණි.

    ඒ අතර කාන්තාවන් තිදෙනෙක් ද වෙයි. ඔවුන් කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්. ඩුබායි සිට මෙම ස්වර්ණාභරණ තොගය රැගෙනවිත් තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News