“යුරේකා“ ළමා කාටුන් සිනමා නිර්මාණයක්

සැප් 01, 2019

    මාධ්‍ය රූප සහ සජීවකරණය, අද සිංහල සිනමාවත් අතික්‍රමණය කරමින් සිටිනවා.

    කාටුන් සිනමා කෘතියක් වන “යුරේකා“ හි මංගල දර්ශනය පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේදී. “යුරේකා“ ශ්‍රී ලංකාවේ තුන්වැනි කාටුන් සිනමා කෘතියයි. මෙය, අලේඛ්‍ය දර්ශන සජීවකරණයට ලක් කළ පළමු වැන්න ද වනවා. මෙම සිනමා කෘතිය රූපවාහිනී සහ සිනමාවේදී ශිවන්ත අර්ථසාද්ගේ නිර්මාණයක්. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය රූප හා සජීවකරණ ඒකකයේ හිටපු ආරම්භක ප්‍රධානියා ද වනවා. “යුරේකා“ දරුවන්ට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය ගැන කියා දෙන කාටුන් සිනමා නිර්මාණයක්.

    නිර්මාණකරුවන් ඇගයීම, නව සංකල්ප ඔස්සේ නිර්මාණ බිහි කිරීමට උත්තේජනයක්. මෙවරත්, එම්.ටී.වී. වීඩියෝ සංගීත සම්මාන උළෙල පසුගියදා පැවැත්වුනේ, අමෙරිකාවේ නිව්වර්ක් නගරයේ ෆෘඩෙන්ෂල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී. ජනප්‍රිය ගායක ටේලර් ස්විෆ්ට් මෙවර වසරේ වීඩියෝවට හිමි සම්මානය දිනාගත්තා. හොඳම හිප් හොප් වීඩියෝවට හිමි සම්මානය හිමි වූයේ රැප් ගායිකා කාඩි බී හටයි. 17 හැවිරිදි බිලී අයිලිෂ් සහ ලිසෝ යන ගායිකාවන් හොඳම නව කලාකරුවන් ලෙස සම්මාන ලබාගත්තා. වසරේ හොඳම ගීතය වූයේ, ගායක ලිල් නාස් එක්ස් සහ බිලී රේ සයිරස් එක්ව නිර්මාණය කළ “ඕල්ඩ් ටවුන් රෝඩ්“ ගීතයයි. සංගීත ක්‍ෂේත්‍රයේ ලද ජයග්‍රහණය වෙනුවෙන් ජිවිතයේ එක් වරක් පමණක් හිමිවන සම්මානය දිනා ගත්තේ, රැප් ගායිකා මිසී එලියට්. කොරියන් බෝයි සංගීත කණ්ඩායම හොඳම කේ පොප් සහ හොඳම කණ්ඩායමට හිමි සම්මාන දිනාගත්තා.

    Latest News