කුරුණෑගලට මී උණ රෝග වසංගතයක්

නොවැ 22, 2018

    ඇඳහැලෙන අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මී උණ රෝගය වසංගත තත්වයකට පත්ව ඇති බව, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන් ෆරීඩ් මහතා පවසයි.

    මෙම රෝගයෙන් මරණ 14ක් මේ වන විට සිදුවී ඇති අතර, ඉන් වැඩි දෙනෙක් තරුණයන් බවයි, ෆරීඩ් මහතා පවසන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මී උණ වැළදුණු රෝගීන් 174 දෙනෙකු දැනටමත් හඳුනාගෙන තිබේ. ඉන් 17 දෙනෙකු වාර්තා වන්නේ, පොල්පිතිගම ප්‍රදේශයෙන්. වමනය, හිසරදය, මස්පිඩු වේදනාව, ඇස් රත්පැහැ ගැන්වීම, මුත්‍රා කහ පැහැයෙන් පිටවීම රෝග ලක්ෂණයි. නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවුවහොත්, ශරීරයේ ඉන්ද්‍රියන් අක්‍රියවන බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් නිසි ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඉල්ලීමක් කෙරේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනූව කටයුතු කරන ලෙසත්, විශේෂයෙන් කුඹුරුවලට බැසීමට පෙර ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසත්, ඉල්ලීමක් කෙරේ.

    Latest News