හංවැල්ල ව්‍යාපාරික ඝාතනයට අංගොඩලොක්කාගේ 03 ක් මාට්ටු

අගෝ 29, 2019

    හංවැල්ල, පහතගම ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පාතාල නායකයෙකු වන "අංගොඩ ලොක්කා" නැමත්තගේ පාතාල කණ්ඩායමයේ සමාජිකයින් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    පසුගිය 25 වෙනිදා රාත්‍රියේදී හංවැල්ල, පහතගම රෝමානු කතෝලික පාසල අසල පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි නාදුනන තුවක්කුකරුවන් ඔහුගේ බිරිඳ බියවදදා සැමියාට නිවසට ගෙන්වා ගැනිමෙන් පසු ව්‍යාපාරිකයාට සහ ඔහුගේ රියදුරුට වෙඩි තබා ඝාතනය කර තිබුණ.

    එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය ව්‍යාපාරිකයා 43 හැවිරිදි වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් නොහොත් සුමේද වන අතර ඔහුගේ රියදුරු වන 32 හැවිරිදි මුරුත්තෙට්ටුව ගමලජ්ජලාගේ රවිදු යන අයවේ.

    Latest News