පලෙයි අධිකරණ වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීම්වලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් එළියට

අගෝ 27, 2019

    ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිටි අත්අඩංගුවට ගත් කිලිනොච්චි - පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්යියා සිවරූබන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව සඟවා තිබූ ගිනිඅවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනිණ.

    ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක්, ජීව පතොරොම් 120ක්, ජීව අත්බෝම්බ 11ක් හා පී.ඊ.10 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 19 වැනිදායි.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 08:28

    Latest News