අද උදෑසන නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැ.කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් සුළං නිරිත දිගින් හමා එනු ඇති බවයි. ඌව පළාතේ හා අම්පාර මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මීටර් 75ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකියි.
හම්බන්තෙට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ හා පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරය ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං හමනු ඇති. එවිට එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.