කොළඹ වරාය නගරයට සංවර්ධන බල ප්‍රදේශයක්

අගෝ 20, 2019

    කොළඹ වරාය නගරය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස අද (20) ප්‍රකාශයට පත් කෙරිණ.

    ඒ, 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ තුන්වැනි වගන්තිය ප්‍රකාරවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී යෝජනා සම්මතයෙන් පසුගියදා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට කොළඹ වරාය නගර භූමිය ඇතුළත් කෙරිණ. ඒ අනුව, නාගරික සංවර්ධන භූමි ප්‍රදේශයක් ලෙසට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව අද එය ප්‍රකාශයට පත් කෙරිණ. ඉදිරියේ දී එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙනු ඇත.

    Latest News