සිහින ඉටුකර ගැනීමට ගිය 06 මාට්ටු

අගෝ 20, 2019

    හිගුරක්ගොඩ කවුඩුල්ල ප්‍රදේශයේ නිවසක පිටුපස නිධානයක් ගැනිමට කැණිම් කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙක් උපකරණ සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලොන්නරුව කොට්ඨාශ මත්ද්‍රව්‍ය වැටලිම් අංශ නිළධාරින්ට කොට්ඨාශ බුද්ධි නිළධාරින්ගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

    හිගුරක්ගොඩ කවුඩුල්ල ප්‍රදේශයේ නිවසක පිටුපස නිධානයක් ඇති බව දෙවියෙක් සිහිනෙන් පැවැසුවා යැයි කියමින් නිවස් හිමියා සමඟ තවත් පුද්ගලයින් පිරිසක් මෙම නිධන් කැනීම කර ඇති බව පොලිසිය පවසයි.

    නිවස පිටුපස අඩි 16ක් ගැඹුර, දිග අඩි 20ක් සහ පළල අඩි 15ක් පමණ වළක් ඉතා සුක්ෂම ලෙස කැණිම් කර ඇත. අත්අඩංගුවට ගත් උපකරණ අතර වතුර මෝටර් එකක්, විදුලිය ලබා ගැනිම සදහා භාවිතා කරන වයර්, කුළුගෙඩි, යකඩ ඉණි, උදළු සහ පුජා භාණ්ඩ රැසක්වේ. අත්අඩංගුවට ගත් නිවස හිමිකරුගෙන් පොලිසිය කල ප්‍රශ්න කිරිම් හමුවේ ඔහු පවසා ඇත්තේ නිවස පිටුපස නිධානයක් ඇති බවට දේවි කෙනෙකු සිහිනෙන් කියු නිසා එය ලබා ගැනිමට කැණිම් කල බවයි.

    Latest News