නීති විරෝධී මත්පැන් වැටලීමට ක්ෂණික දුරකථන අංකයක්

අගෝ 18, 2019

    නීති විරෝධී මත්පැන් වැටලීමට 1913 ලෙසින් ක්ෂණික දුරකථන අංකයක් හෙට (19) හඳුන්වාදීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

     නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා එය පැය විසිහතර පුරා ක්‍රියාත්මකවේ.

    මෙම ක්ෂණික දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය රකින අතර නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය හා ලඟ තබාගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරා බදු කොමසාරිස් ජනරාල් පැවසීයි.

    බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළඟ තබාගැනීම තහනම් බැවින් එවන් අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි කළ හැකි බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ

    Latest News