අද කාලගුණය මෙන්න

නොවැ 21, 2018

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය මීට හේතුවී ඇති බවයි. උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවිය හැකියි. සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනු ඇතැයි ද කාලගුණ නිවේදනයේ දැක්වේ. උතුරු පළාත ආශ්‍රිතව මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාවක් බලාපොරොත්තු විය හැකියි.

    එම පළාතේ තරමක සුළං ද බලාපොරොත්තු විය හැකියි. වැසි සමඟ අකුණු ඇතිවිය හැකි බැවින්, ආරක්ෂාකාරී වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. දිවයිනට උතුරින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60-70ත් අතර පැවැතිය හැකියි. වැසි ඇතිවන විට එය පැයට කිලෝ මීටර 80 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ නිවේදනයේ දැක්වේ.

    Latest News