රාජ්‍ය දැව සංස්ථාවෙන් අනුරාධපුරට නව ප‍්‍රාදේශීය කාර්යාලයක් (වීඩියෝ)

අගෝ 17, 2019

    රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.


    සමරු ඵලකය නිරාවරණය කර කාර්යාල පරිශ‍්‍රය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කාර්යාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


    ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනි නිලුකා ඒකනායක, සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:10

    Latest News