කොළඹ - හංවැල්ල මාර්ගයේ ගමනාගමනයට සීමා

අගෝ 17, 2019

    නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර හේතුවෙන් අද (17) සිට හෙට යන දෙදින කොළඹ - හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමන සීමා කෙරෙන බව  බව පොලිසිය පවසයි.

    අද රාත්‍රී 10.00 සිට අළුයම 01.00 දක්වාත් හෙට පෙරවරු 10.00 සිට සවස 01.00 දක්වා කාලය තුළ ගමනා ගමන සීමා කෙරෙන බව පොලීසිය පැවසුවේය. අදාල කාලසීමාව තුළ පෙරහැර වීථි සංචාරය  කිරිමට නියමිත බැවින් එම මාර්ගයේ වාහන ගමනා ගමන සීමා කර ඇති බව සඳහන්. අදාල කාලසීමාව තුළ එම මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය ඉල්ලීමක් කරයි. 

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 07:47

    Latest News