මාධ්‍ය තරම් වේගයෙන් වෙනස්වන ලක්‍ෂණ මනුස්ස සංස්කෘතියේ දක්නට නැහැ.

අගෝ 16, 2019

    ශ්‍රී ලංකා පුවත් මණ්ඩලය මෙහෙයවන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය අද පැවැත්විණ.

    ඒ, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයේ දී මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ, ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින්. වත්මන් පුවත්පත් කලාවේදියා හමුවේ ඇති අභියෝග එහි තේමාවයි. එහිදී අදහස් දැක්වූ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා.....

    “මාධ්‍ය තරම් වේගයෙන් වෙනස්වන ලක්‍ෂණ මනුස්ස සංස්කෘතිය තුළ ශීෂ්ටාචාරය තුළ ඇත්ත වශයෙන්ම දක්නට ලැබෙන්නේ නැහැ. මාධ්‍ය අමතක කරලා තියෙනවා තමන්ගේ මුලික කාර්ය භාරයට මිනිසුන්ගේ විනඥානය සකස් කිරීම, මනස සකස් කිරීම, මිනිස්සු ඉන්න තැනින් පොඩ්ඩක් ඉහළට ගන්න පුලුවන් කියන මූලික සම්භාව්‍ය සහ ඒ නූතනවාදී අදහස මාධ්‍ය විසින් අවදි කරගෙන තියෙනවා. අද සමස්ත මානව සමාජයම අන් කවරදාටවත් වඩා ප්‍රජාතන්ත්‍රීකරණය වෙලා තියෙනවා. මාධ්‍යකරණය වෙලා තියෙනවා. තොරතුරුවලට ප්‍රවිශ්ට සියල්ලටම සමීප වෙලා තියෙනවා. දැවැන්ත තොරතුරු සාගරයක නන්නන්තාර වෙලා ඉන්නේ. මනුෂ්‍ය වර්ගයා තමන්ගේ සමස්ත ඉතිහාසය තුළ අන් කවරදාවත් නොවූ විරූ තමන්ගේ සමාජ පැවැත්මේ අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. මේ අභියෝග එක්ක මතුවෙලා තියෙන අවසාන අභියෝගය තමයි මේ වෙනකොට මනුෂ්‍යයා, මනුෂ්‍යත්වය වේගයෙන් අපෙන් ඉවත් වෙමින් පවතිනවා“. යැයි ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය.

    අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වෙත සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්ද මාලාව පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධි නීතිඥ කොග්ගල වෙල්ලාවල බන්දුල මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 20:30

    Latest News