බීමත් රියදුරන් 8864ක් අත්අඩංගුවට

අගෝ 16, 2019

    දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (16දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 8864ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    ජුලි 05 වැනි දින උදෑසන 6.00 සිට මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    15 වැනි දින උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන් සංඛ්‍යාව 147කි.

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    Latest News