පස්වරු 2 න් පසු පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි

අගෝ 16, 2019

    සබරගමුව, මධ්‍යම, දකුණු හා බටහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    යාපනයේ සහ මන්නාරම් දිස්ත්‍රික්කවල ද වැසි අපේක්ෂා කළ හැකිය.

    සබරගමුව, මධ්‍යම, බටහිර, ඌව, උතුරු පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල මිලිමීටර 50 ක් පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.

    විශේෂයෙන් උතුරු, උතුරු - මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල දහවල් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News