සහරාන්ගේ බිරිඳගෙන් රහස් ප්‍රකාශයක්

අගෝ 15, 2019

    කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ඉකුත් අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බකරුවන ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා යැයි කියන සහරාන් මොහොමඞ් නැමැත්තාගේ බිරිඳ විසින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී අද රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

    ඒ සහරාන්ගේ මරණ පරීක්‍ෂණය සඳහා සහරාන්ගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැත්තිය අද කොටුව මහේස්ත්‍රාත්වවරයා ඉදිරියේදී ඉදිරිපත් කල අවස්ථාවේදී. සාක්‍ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ වසර 4ක් වයසැති දරුවා ද ෆාතිමා සාදියා රැගෙන විත් තිබිණ. මෙහිදි සහරාන්ගේ නිවස පිහිටා තිබු කාත්තන්කුඩි ප්‍රදේශයේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්ද සාක්‍ෂි ලබාදීම සඳහා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවා තිබිණ. රහස් පොලිසියේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ සහරාන්ගගේ බිරිඳ සහ දියණිය අධිකරණ භුමියට රැගෙන විත් තිබිණ.

    Latest News