ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට ස්තූතියක්

නොවැ 19, 2018

    අද(19) පාර්ලිමේන්තුවේ දී සාමකාමීව හා සම්මුතිවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පළ කර තිබේ.

    ජනාධිපතිතුමා ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර තිබේ.

    එහිදී සදහන් කර ඇත්තේ ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා සියලු පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පල කරන බවය.

     

    “I thank all the Party Leaders and Parliamentarians for adopting a peaceful and consensual course of action at the Parliament today,

    following my meeting with the Party Leaders last evening.“

     

     මාධ්‍ය නිවේදනය

    පාර්ලිමේන්තුව තුළ ඇතිවෙමින් පැවති අර්බුදකාරී තත්ත්වය නිමා කිරීම සඳහා ඊයේ දින සර්ව පාක්ෂික හමුවේ දී තමන් විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශනයන් නිවරැදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ එකඟගත්වය පළ කිරීම පිළිබඳව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ප‍්‍රසාදය පළ කරයි. ගරු ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව තමන් වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව නව අග‍්‍රාමාත්‍යවරයකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ඇතැම් පාර්ශ්වයන් විසින් පාර්ලිමේන්තුව තුළ මතු කරන ලද අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ප‍්‍රථමයෙන්ම ජනාධිපතිතුමා විසින් තම අවධානය යොමු කරන ලදී.

    ඒ අනුව 2018-11-15 වන දින සහ 2018-11-18 වන දින පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම් දෙකක් කැඳවමින් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබූයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර නොගෙන ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් අනුව අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

    ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික හමුවේ දී ජනාධිපතිතුමා විසින් කරන ලද ඉල්ලීමට අනුව අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමටත්, අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුව අනුගමනය කරන්නා වූ සම්ප‍්‍රදායන්ට අනුගතව නියමානුකූලව සිදු කිරීමට සහ පාර්ලිමේන්තුව තුළ ගැටලූකාරී තත්ත්වයන් ඇති කර නොගෙන කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලූම දේශපාලන පක්ෂ නායකයන්ට සහ සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කර සිටි.

    ජනාධිපති මාධ්‍ය අංශය
    2018-11-19

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 15:14

    Latest News