ලඩක් ප්‍රාන්තය ගැන අගමැතිගෙන් පණිවිඩයක්

අගෝ 06, 2019

    ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

    වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ලඩක් ප්‍රාන්තයේ සියයට හැත්තෑවක බෞද්ධ ජනගහණයක් වෙසෙන නිසා, ඉන්දීය රජය ගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බවය.

    තමන් ලඩක් ප්‍රදේශයේ සංචාරය කර ඇති බැවින්, එහි සුන්දරත්වය හොදින් අත් විඳ ඇති බව පවසන වික්‍රමසිංහ මහතා එය සංචාරය කිරීමට සුදුසු සොඳුරු පළාතක් බව ද සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Latest News