අම්බන්නගොඩ දී ජේලර්වරයෙකුට වෙඩි තබයි

අගෝ 03, 2019

    බන්ධනාගාර පුහුණු පාසලේ සේවය කරන ප්‍රධාන ජෙලර්වරයෙකු අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේ දී වෙඩි තබා ඝාතනය කර ඇත.

    මෙසේ ඝාතනය ලක්වී ඇත්තේ 47 වියැති තෙදරු පියෙක් වන අතර ඔහු සිය නිවෙස බලා යන අතරතුර මෙම වෙඩි තැබීමට ලක්ව තිබේ.

    යතුරු පැදියකින් පැමිණි දෙනෙකු මෙසේ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුල් කිරීමේදී මිය ගොස් ඇත.

    මෙම මිය ගිය ජේලර්වරයා පසුගිය දා මීටියාගොඩ ප්‍රදේශයේ සිදු කළ හෙරොයින් වැටලීමකදී එම ස්ථානයේ සිට ඇති බවත් එම පරීක්ෂණ සඳහා සාක්ෂි ලබා දී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි. මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    Latest News