ත්‍රස්තවාදය, අන්තවාදය සහ සයිබර් අපරාධවලට විරුද්ධ ඒකාබද්ධ ප්‍රයත්නයක් (වීඩියෝ)

අගෝ 03, 2019

    ත්‍රස්තවාදය, අන්තවාදය සහ සයිබර් අපරාධ ඇතුළු අභියෝගවලට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයක අවශ්‍යතාව, ශ්‍රී ලංකාව ආසියානු කලාපීය සංසදයේ දී අවධාරණය කෙරිණ.

    විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඒ බව කියා සිටියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන සංසදයේ 26 වැනි සැසිවාරය අමතමින්. 1994දී පිහිටුවන ල ද රටවල් 27කින් සමන්විත ආසියානු කලාපීය සංසදය ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්‍ෂක සංවාදය සඳහා වැදගත් වේදිකාවක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව ඊට සම්බන්ධ වී ඇත්තේ 2007 වසරේදී. 26 වැනි සැසිවාරයේ දී සාකච්ජාවට ගැනුණේ න්‍යෂ්ටික අවි සීමාකරන පාලන තන්න්‍රය ශක්තිමත් කිරීම, නිවාරක රාජ්‍ය තාන්ත්‍රිකභාවය අන්තවාදය පිටුදැකීම වැනි මාතෘකා කිහිපයක්.

    විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා එහිදී කියා සිටියේ ආරක්‍ෂාව හා සම්බන්ධ සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන අභියෝගවලට මුහුණදීමට හැකිවන පරිදි සහයෝගීතාව වර්ධනය කළ යුතු බවයි. අමාත්‍යවරයා සමුළුවට සමගාමීව බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ යුරෝපා කොමිසමේ උප සභාපති ෆෙඩරිකා මොගරින් මහත්මිය සමඟ ද සාකච්ජා පැවැත්විය.

    Last modified on සෙනසුරාදා, 03 අගෝස්තු 2019 20:03

    Latest News