වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්

අගෝ 03, 2019

    වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 06ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් ලක්ෂ එක හමාරක පමණ පිරිසක් පානීය ජල ගැටළුවකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳව පැහැදිලි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ උතුරු පළාතේ ජනතාව වැඩි වශයෙන් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වී ඇති බවයි.

    යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශ මෙන්ම නැගෙනහිර පළාතේ ද ජනතාව වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට විඳින බව ඒ මහතා කියා සිටී.

    Latest News