කෝටි 2ක රත්‍රං සමග ඉන්දියානුවන් 6ක් කටුනායකදී අත්අඩංගුවට

අගෝ 03, 2019

    රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කටුනායක ගුවන් තොටුපළ ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනූවයි.

    පළමුව ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ, රත්‍රං කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 60 ක් සමගයි.

    අනතුරුව තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රත්‍රං කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 370 ක් සමග පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    රත්‍රංවල වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයකට ආසන්නයි.

    අදාළ ඉන්දීය ජාතිකයින් සංචාරක වීසා මත මෙරටට පැමිණි පිරිසකි.

    Latest News