හම්බන්තොට වරායට ජාත්‍යන්තර සහතිකයක්

අගෝ 03, 2019

    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි තත්ත්ව සහතිකකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය, සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතියක් සහිත ශ්‍රී ලංකාවේ පළමු වරාය ලෙස හඳුනාගෙන තිබේ.

    මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට ‘45001:2018 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය’ හිමිව ඇත.

    මෙම සහතිකය ලබා ගැනීම සඳහා හම්බන්තොට වරාය මාස හයක් මුළුල්ලේ සූදානම් වූ අතර, මාස තුනක කාලයක විගණනයකට ද ලක්විය.

    සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිව ඇත.

    Latest News