ඉදිරි මාස 06 ඇතුළත ජාතික ප්‍රතිපත්ති 3ක් එළි දැක්වීමට පියවර ගැනේ

අගෝ 03, 2019

    ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය, අධ්‍යාපනික ප්‍රතිපත්තිය හා අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය එම ප්‍රතිපත්ති 3යි.

    සමූපකාර ප්‍රතිපත්තිය දැනටමත් එළි දක්වා ඇතැයි කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා මාධ්‍ය හමුවක දී පැවසීය.

    ජාතික සමූපකාර ප්‍රතිපත්තිය දැනටමත් එළි දක්වා ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් පවසයි.

    එමෙන්ම බොහෝ ප්‍රඥප්තීන් ද ඉදිරි කාලයේ දී සංශෝධනය කිරීමට තම අමාත්‍යංශය බලාපොරොත්තු වන බව පැවසූ බුද්ධික පතිරණ ඇමතිවරයා, සමූපකාර බැංකු ප්‍රඥප්තිය, සමූපකාර බැංකු පනත, පාරිභෝගික අධිකාරි පනත හා සමූපකාර පනත සංශෝධනයට ලක් කරන බව ද සඳහන් කළේය.

    Latest News