ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ප‍්‍රමාදයක්

අගෝ 03, 2019

    අලව්ව සහ පොල්ගහවෙල අතර දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී තිබේ.

    පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවන වූ දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක් වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.

    මෙම දුම්රිය කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ඊට පිටුපසින් පැමිණෙන දුම්රිය 7 ක් ප‍්‍රමාද වී ධාවනය කෙරෙන බවයි පැවසෙන්නේ.

    දුම්රිය පාලක මැදිරිය පවසන්නේ, කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකන බවයි.

    Latest News