නීතියට පෙර විදුහල්පතිවරුන්ට අල්ලස ගැන මතක් කිරිමක්

අගෝ 02, 2019

    2020 වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එක්ව විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරයි. 

    අල්ලස්, දූෂණ හා වෙනත් අක්‍රමිකතාවලින් තොරව චක්‍රලේඛ අනුව විනිවිද අන්දමින් පාසල්වලට සිසුන් බඳවා ක්‍රමවේදය ශක්තිමත් කිරිමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ විෂය සමගාමී ශාඛාව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම වැඩසටහන මෙහෙයවයි.

    පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි විවිධ දූෂණ හා අක්‍රමිකතා තුරන් කිරීමේ අරමුනින් අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වරටයි.

    ලබන වසරේ (2020) පළමුවැනි ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ආදි ශිෂ්‍ය නියෝජිත හා සංවර්ධන සමිති නියෝජිත සහ එම මණ්ඩලයේ සභාපති වශයෙන් විදුහල්පතිවරයා ද මේ වැඩසටහනට සහභාගීවීම අනිවාර්යය වේ. ප්‍රාථමික ශ්‍රේණි නොමැති පාසල්වල විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන) සහභාගී වියයුතු බවත් ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

    Latest News