උද්ඝෝෂනයකදී නීති කැඩූ පෙරටුගාමී 5කට දඩ

අගෝ 02, 2019

    මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් 5කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් රු. 5000 බැගින් දඩ පනවා ඇත.

    පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ඇතුලු එම පක්ෂයේ සාමාජිකයන් පස් දෙ‍නෙකු වරදකරුවන් කරමින් එක්කෙනෙකුට රුපියල් පන්දහස බැගින් දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ.

    ඒ, පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් සිදු කළ උද්ඝෝෂනයකදී මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝනය කළ බවට තීන්දුව ලබා දී ඇත.

    ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පොලිස් ආඥා පනත කඩ කළ බව කියන පළමු සැකකාර දුමින්ද නාගමුවට රුපියල් 250ක අමතර දඩ මුදලක් ගෙවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

    මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.

    2016 දී පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති උද්ඝෝෂණයකදී මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත කඩ කරමින් කටයුතු කළ බවට චොදනා ඔප්පු වී ඇති බව කියමින් මෙම වරදකරුවන්ට දඩ මුදල් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නි‍යෝග කළේය.

    අද දින දඩ මුදල් තැන්තපත් කිරිමට නොහැකි බව ඔවුන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඔවුන්ට දඩ මුදල් ගෙවිමිට වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව ලබන 23 වනදා දඩ මුදල් ගෙවීමිට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් පෙර ඇප මත මුදා හරින ලෙසට නියෝග කළේය.

    Latest News