සෝමාවතියේ වී වගා කළ ‍ගොවීන් ඉවතට

අගෝ 02, 2019

    පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සොමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී පරිසරයට හානි වන ලෙස කුඹුරු වගා කළ පුද්ගලයින් 149 දෙනෙකු ඉන් වහා ඉවත් කරන ලෙස පොළොන්නරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංක අසේල ද සිල්වා මහතා ඊයේ පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කර තිබේ.

    ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සොමාවතිය ජාතික උද්‍යානයේ ඇති කුඹුක්, මී, පලු, වීර ඇතුළු විවිධ වටිනා ශාක විනාශ කරමින් එහි සිටින වන සතුන්ට ද හානිවන අයුරින් කලක සිට වී වගා කළ මෙම පුද්ගලයන්ට එරෙහිව රජයේ ඉඩම් සන්තකයේ ආපසු පවරා ගැනීම පනත යටතේ පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අධිකරණයේ නඩු ගොනු කර තිබිණි.

    එම පනත යටතේ සොමාවතිය ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව වී වගා කළ 219 දෙනෙකුට නඩු පවරා තිබිණ.

    Latest News