මොණරාගලට ජල සැපයුම අත්හිටු වේ

අගෝ 02, 2019

    මොණරාගල කුඹුක්කන් ඔය ජලාශයට ඉන්ධන හා ග්‍රීස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහාන මණ්ඩලය පවසයි.

    ඒ අනුව 3 වැනි දිනය දක්වා එම ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලයේ ඇල්බීසියාව වාෂ්ප විදුලි බලගාරයෙන් මොණරාගල කුඹක්කන් ඔය ජලාශයට තෙල් හා ග්‍රිස් ඇතුළු අපද්‍රව්‍ය බැහැරවීම හේතුවෙන් පසුගිය 30 වැනි දින පස්වරුවේ සිට මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටු වේ.

    Latest News