මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1168 දෙනෙකුට නව රැකියා අවස්ථා

අගෝ 02, 2019

    රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධිධාරීන් 16,800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උපාධීධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම  මාතර - නූපේ සණස ශාලාවේ දී සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    මාතර දිස්ත්‍රික්කයේ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 183 දෙනෙකු, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 59 දෙනෙකු, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 55 දෙනෙකු, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 40 දෙනෙකු, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 65 දෙනෙකු, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 68 දෙනෙකු, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 95 දෙනෙකු, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 63 දෙනෙකු, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 78 දෙනෙකු, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 81 දෙනෙකු, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 80 දෙනෙකු, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 79 දෙනෙකු, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 66 දෙනෙකු, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 47 දෙනෙකු, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 48 දෙනෙකු, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 41 දෙනෙකු වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරන ලදි.

    Latest News