මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ

අගෝ 02, 2019

    මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ කටයුතු අද ආරම්භ කෙරිණ.

    සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය අළුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණ. අනතුරුව සතර මහා දේවාලවල පෙරහැර ආරම්භ වේ. කුඹල් පෙරහැර අගෝස්තු 05 වැනි දින සිට 09 වනදින දක්වා පැවැත්වෙයි. රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝළි මහා පෙරහැර අගෝස්තු 14 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වන්නේ 15 වැනි දින උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදුකර දිවා පෙරහැර ගෙවදීමෙන් පසුවයි.

    මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරීන් 8000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඇසළ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ විශේෂ බස් හා දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 08:42

    Latest News