දුරදිග ගිය  මුදල් ආරවුල අතර වෙඩි තැබීමක්

අගෝ 02, 2019

    මරදාන, මාලිගාකන්ද පාර ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ රාති‍්‍ර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ මුදල් ආරවුලක් හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්.නිවසට පැමිණි පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.  සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේතුවාල ලැබු නිවසේ සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

    ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මරදාන පොලීසිය මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි.

     

     

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 07:44

    Latest News