මධ්‍යම තැපැල් හුවමාරුවේදී මත්පෙති සමඟ තරුණයෙකු අත්අඩංගුවට

ජූලි 30, 2019

    එක්ටෂි නමැති මත්පෙති 3050ක් සමඟ 27 හැවිරිදි තරුණයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නියුතු රේගු නිලධාරීන් විසින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා විසින් පෘතුගාලයේ සිට පැමිණි ගුවන් තැපැල් පාර්සල් කිහිපයක් රැගෙන යාමට පැමිණ ඇති අතර, එහිදී මෙම පාර්සල් රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්ව ඇත. මෙම පරීක්‍ෂාවේදී රුපියල් මිලියන 15ක් වටිනා එක්ටෂි නම් මත්පෙති තොගය සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදී තිබේ.

    Latest News