කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩාලවේ

ජූලි 28, 2019

    කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී තිබේ.

    කෝටිටේ ජුබිලි තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයුම අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මෙම බිදවැටීම අද (28) අළුයම 03.00ට පමණ සිදුව ඇත.

    ඒ අනුව කෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන නගර සහ මහ නගර සභා බල ප්‍රදේශවලටත්, කොළඹ 05, 07, 08 ප්‍රදේශවලටත් අද පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර සිටි.

    මෙම කාලය තුළ කොළඹ 03,04,06 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම සිදුවේ.

    Latest News