ඇමති 2කගේ විෂයපථවල වෙනසක්

ජූලි 26, 2019

    අමාත්‍යාංශ දෙකක විෂය පථයන්වල වෙනසක් සිදුව ඇති අතර අදාළ අමාත්‍යවරුන්ගේ නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ඒ අනූව, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.

    එමෙන් ම අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් දරන ලද කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම, ග‍්‍රාමිය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ.

    ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 12:10

    Latest News