එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අධිකරණ නිලධාරීන් හමුවීම ස්වාධීනත්වයට බාධාවක් නොවේ

ජූලි 25, 2019

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අධිකරණ ක්‍ෂේත්‍රයේ නිලධාරීන් හමුවීම කිසිසේත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් නොවන බව, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    එවැනි හමුවීම් මීට පෙර අවස්ථා ගණනාවකදීම සිදුව ඇති බව, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා.....

    “අධිකරණය හමුවේ විභාග වන කරුණක් සම්බන්ධයෙන් කතා කිරීම සඳහා විනිශ්චකාරවරුන් හමුවීමට කාලය ඉල්ලා තිබෙනවා. ඔබ කියන්නේ මෙවැනි මැදිහත්වීමක් සාමාන්‍යය බව ද ?

    අමාත්‍ය තිලක් මාරපන මහතා....

    “ඔබ අධිකරණ මැදිහත්වීම පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන බව පේනවා. අපත් එසේමයි. අධිකරණයට මැදිහත්වීමට කිසිදු අපේක්‍ෂාවක් අපට නැහැ. මම කියන්නේ කිසිදු මැදිහත්වීමක් නැහැ. අධිකරණය සම්බන්ධ කටයුත්තක් හෝ නිලධාරියෙක් සම්බන්ධව, විවිධ නිලධාරීන් හමුවීමට කාලය වෙන්කර ගැනීම සඳහා අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 20:01

    Latest News