හමුදා ට්‍රක්රථයක් පෙරලෙයි: 11ක් තුවාල ලබයි

ජූලි 24, 2019

    යුධහමුදා ට්‍රක්රථයක් පෙරළීමෙන් හමුදා සෙබළුන් 11 ක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    සූරියවැව - මත්තල ගුවන්තොටුපළ මාර්ගයේ මීගහජඳුර ප්‍ර‍දේශයේදී මෙම රථය පෙරලී ඇත. අනුරාධපුර කලත්තෑව යුධහමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නියුතු මෙම සෙබළුන් රියදුරු පුහුණුව සඳහා මෙසේ පැමිණ තිබේ.

    අනතුරට පත් වූ ට්‍රක්රථය තවත් හමුදා ට්‍රක්රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. සූරියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇත.

    Last modified on බදාදා, 24 ජූලි 2019 19:21

    Latest News