රැකියා සඳහා විදෙස්ගත වන අයගේ අඩුවීමක් (වීඩියෝ)

ජූලි 24, 2019

    රැකියා සඳහා විදෙස්ගත වන පිරිස, 2013 වසරේ සිට මේ දක්වා සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරන බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    ඒ, බොහොමයක් රටවල්වල ගෙන ඇති ප්‍රතිපත්තිමය හේතු මතයි. ඊට විසඳුමක් ලෙස විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමට, පියවර ගෙන ඇත. 2013 වසරේ සිට විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස ක්‍රමයෙන් අඩුවී තිබේ. ඉකුත් වසරේ දෙලක්‍ෂ එකොළොස්දහස් 226 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගියද, මේ වසරේ එලෙස විදේශගත වී ඇත්තේ, එක්ලක්‍ෂ අසූ අටදහස් අනූහතක පිරිසක්. වෘත්තිකයන් රැකියා සඳහා විදෙස්ගතවීම ද අඩුවී තිබේ. බොහොමයක් රටවල ක්‍රියාත්මක ප්‍රතිපත්තිමය තීන්දු මත අඩුවෙමින් පවතින විදේශ රැකියා ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර රැසක් ගනිමින් සිටී.

    ඉන් එකක් වන්නේ, ජපානයේ රැකියා වෙළෙඳ පොළ සඳහා ගිවිසුම්ගත වීමයි. එමගින් පළමුවරට පුහුණු ශ්‍රම්කයන් විදේශයන් වෙත යැවීමට පියවර ගෙන තිබේ. එම ගිවිසුම් මගින්, පුහුණු ශ්‍රමිකයන්ට කේෂ්ත්‍ර 14ක් ඔස්සේ රැකියා වෙත යාමේ අවස්ථාව හිමිවනු ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදෙස් ගතවීමට අදාළ ක්‍ෂේත්‍රයන් ලියාපදිංචි කිරීම හා රක්‍ෂණ කටයුතු ද සිදු කරයි. විදේශ ගතවූවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සුබසාධන කටයුතු රැසක් ද කාර්යාංශය මගින් ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:42

    Latest News