ඉදිරි මැතිවරණ සඳහා අපිට හොඳ සුසංයෝගයක් ඉන්නවා - අමාත්‍ය නවීන් (වීඩියෝ)

ජූලි 24, 2019

    “ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් කරන්න UNP එකට හොඳ සුසංයෝගයක් ඉන්නවා” යැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

    එසේම එක්සත් ජාතික පෙරමුණේ සිටින්නේ හොඳ මහත්වරු පිරිසක් ඔවුන් ගැටුම් ඇති නොකර ඉදිරි අපේක්ෂකයන් පිළිබඳව තීරණයකට පැමිණේවි යැයි ද ඔහු සඳහන් කරයි.

    අද (24) මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ මේ අදහස් පළ කර තිබේ. 

    එම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක...

    “නා-නා විධ මත මතුවෙලා තියෙනවා. අපේ නායකතුමා, ඒ වගේම කරු ජයසුරිය මැතිතුමා හා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ජනාධිපති හා අගමැති අපි රටට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එය ද්විත්වයක් හැටියට යන්නේ. අපි ඉදිරිපත් කරන අපේක්‍ෂකයා වෙනුවෙන් පක්‍ෂයේ සියලුම ජවයන් ශක්තින් යොමු කරලා ඒ අපේක්‍ෂකයව ජයග්‍රහණය කරවන්න අපේ යුතුකමක් හැටියට සලකනවා. මගෙයි, කරු ජයසුරිය මැතිතුමාගෙන් දේශපාලනය වෙනස්. අපිට වඩා ගැටලුව තියෙන්නේ ඒගොල්ලන්ට. විශේෂයෙන් පවුලේ අතර විශාල ගැටුමක් ඇතිවෙලා තියෙනවා. අපි දන්නා ආරංචි අනුව. ගෝඨාභය මහත්තයා 11 වැනිදා නම්ක රනවා කිව්වට අපිට සැකයක් තියෙනවා 11 වැනිදා නම් කරයිද නැද්ද කියලා. ඒවගේ ඒගොල්ලන්ටත් ගැටලු ගොඩක් තියෙනවා. ඒක අපිට පේනවා. මම හිතන්නේ දේශපාලන ගේම් එකක් කිව්වොත් හරි.

    අපිත් බලාගෙන ඉන්නේ කවුද ඒගොල්ලන් පත්කරන්නේ කියලා. මොකද අපිට අපේ පැත්ත ලෙහෙසියෙන් හදාගන්න පුලුවන්. මොකද ඒගොල්ලන්ට ඒක නැහැ. මිනිස්සු පිළිගන්නේ නැහැ එක සහෝදරයෙක් ජනාධිපති, අනෙක් සහෝදරයා අගමැති ඒගොල්ලනුත් ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් කවුද ඒගොල්ලන්ගේ අගමැති අපේක්ෂකයා. අපිට අගමැති අපේක්ෂකයෙක් ඉන්නවා. අපිට ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා. එක පවුලකට සීමා නොවී. මම හිතන්නේ අපි හරියට ඒ ගේම් එක ගහන්න ඕනේ.රනිල් වික්‍රමසිංහ මහත්තයට බලාපොරොත්තුවක් තියෙනවා ජනාධිපති අපේක්ෂකයත් වෙන්න. ඒක සාධාරණ බලාපොරොත්තුවක්. කවුද කියන එක අපි පාර්ලිමේන්තු කණ්ඩායමයි, කෘත්‍යාධ්කාරී මණ්ඩලයයි එකතු වෙලා තමයි ඒ තීරණය ගන්න ඕනේ. පවුලකට සීමාවෙලා නැහැ ඒ තීරණය. අපේ පක්‍ෂය වැදගත් මහත්වරුන්ගේ පක්ෂයක්. අපේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ“ යයි නවීන් දිසානායක මහතා පැවසීය.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:44

    Latest News