තැපෑලට නව වැටුප් ක්‍රමයක්

ජූලි 24, 2019

    ඇමති අනුකමිටු නිර්දේශවලින් පසු තැපෑලේ නව වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යූහයක් ක්‍රියාත්මක කිරීම පිණිස විශේෂ වැටුප් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කොට ඇති නිර්දේශ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ලැබුණු පසු ප්‍රමුඛතා පදනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමති ඒ.එච්.එම්.හලීම් මහතා ඉදිරිපත්කොට තිබූ කරුණු සළකා බැලීමෙන් පසුවය.

    අමාත්‍ය මණ්ඩලය විසින් 2019 පෙබරවාරි 12 දින පැවති සිය රැස්වීමේදී එකී කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහ මූල්‍ය සමාලෝචනයක් සිදුකර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් සහ එයට සහාය වීම සඳහා නිලධාරී කමිටුවක් පත්කර ඇත. එකී කමිටු වාර්තාව නුදුරු දිනයකදීම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Latest News