සුදුසකම් සපිරූ විදේශීය විශ්වවිද්‍යාල වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

ජූලි 23, 2019

    වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර ඇත.

    ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

    පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසු සිසුවියන් 16 දෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමකට තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කර ඇත.

    පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබුනද තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    මේ තුලින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය උපාධිධාරීන් පිරිස විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

    Latest News