මනිපායි ප්‍රහාරය පිළිබඳ පොලිස් විමර්ශන තවදුරටත්

ජූලි 21, 2019

    යාපනය, මානිප්පායි ප්‍රදේශ යේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු ජිවිතක්‍ෂයට පත්විය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ, අද පැවති මාධ්‍ය හමුවකදී. “මනිපායි පොලිස් බල ප්‍රදේශයේ ඉනිවිල් පාර ප්‍රදේශයේදී යතුරු පැදි තුනකින් පැමිණි පුද්ගලයින් හය දෙනෙකු පැමිණෙනවා. මෙම යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් පොලිසිය පරීක්ෂා කිරිමට සූදානම් වන අවස්ථාවේදී ඔවුන් පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරිමට සූදානම් වුණා. එහිදි පොලිසියට සිද්ධ වෙනවා ඔවුන්ට වෙඩි තැබීමක් සිදු කරන්න.

    වෙඩි තැබිමෙන් එක් අයෙක් තුවාල ලබනවා. අනෙක් පස් දෙනා එම ස්ථානයෙන් පලා යනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබු තුවාලකරු එම අවස්ථාවේදීම යාපනය රෝහලට ඇතුලත් කිරිමට ක්‍රියා කරනවා. රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහු ජිවිතක්ෂයට පත්වෙනවා. ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් අවිගජන් බවට දැනට හඳුනාගෙන තිබෙනවා. මේ අන්දමින් පොලිසියට ප්‍රහාර එල්ල කළ කණ්ඩායම “ආවා“ කල්ලිය නමින් හඳුන්වන කණ්ඩායමේ සාමාජිකයින් බවට ද පොලිසිය සිදුකර ඇති විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 20:55

    Latest News