රාජ්‍ය අමාත්‍ය රන්ජන්ගේ ප්‍රකාශය විකෘති කළ මාධ්‍යවේදියාට එරෙහි පැමිණිල්ලක්

ජූලි 18, 2019

    රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    ඒ, තමන් සිදු කළ ප්‍රකාශයක් විකෘතිකර සමාජ ජාලයට එක්කිරීම සම්බන්ධයෙන්. එහිදී මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා....

    “මේ භයානක ශීර්ෂය යොදවලා මා චීවරධාරීන් ගැන කියු කතාවකට මහා සංඝරත්නය කියලා පෙන්නුම් කරලා, මේ කවුද කියලා කවුරුත් දන්නවා ලංකාවේ. මේ ලංකාවේ අසහාය කලාකරුවන්ට පවා මඩ ගහලා, වික්ටර් රත්නායක පවා මඩ ගහලා, චරිත ඝාතනය කරපු ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්. මාව බෞද්ධ ජනතාව කෙරෙහි කුපිත කරවන්නට, බෞද්ධ ජනතාව කෙරෙහි බිඳවන්න තමයි මොහු මේ වැඩේ කරේ. මේ විඩියෝ එක මං කළේ අෂේන් සේනාරත්න කියන පුද්ගලයෙක් එක්ක. ඒකේ අයිතිය තියෙන්නේ ඔහුටයි, මටයි. ඒ ලේ ඉල්ලන, කෑගහන චීවරධාරින් කියලා මම කිව්වේ. මේ පුද්ගලයා දැම්මා මෙතෙන්ට මහා සංඝරත්නය ළමා අපචාර කරයි කියලා රන්ජන් රාමනායක කියනවා කියලා. මම ඔහුට විරුද්ධව විශාල වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න යනවා. මං කියන්නේ මෙවැනි මඩ ගැසීම් නවත්වන්න ඕනේ. මම ගරුතර මහා සංඝරත්නයට පසඟ පිහිටුවලා වැඳලා කියනවා, කරුණාකර මේ වගේ බාලාංශ වැඩකරන මෙවැනි පාතාල මාධ්‍යයට යටත් වෙන්න එපා. මේක පිළිගන්න එපා“ යැයි රන්ජන් රාමනායක මහතා පැවසීය.

     

    Latest News