කැලණිය - ගම්පහ ප්‍රදේශ රැසකට අද උදේ 8.00 සිට වතුර නෑ

ජූලි 19, 2019

    කැලණිය, වත්තල, ජා - ඇල, ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, පෑලියගොඩ, කටුනායක - සීදුව යන නගර සභා හා ප්‍රාදේශීය සභාවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කර ඇත.

    විදුලිබල මණ්ඩලයේ අලුත්වැඩියාවක් නිසා මෙම තීරණය ගෙන තිබේ. 

    Latest News