උතුරු පළාතේ වී මිලදී ගැනීම ඇරඹේ (වීඩියෝ)

ජූලි 16, 2019

    උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් එකළොස් දහස් 642ක් මිලදී ගත් බව, උතුරු පළාත් වී අලෙවි මණ්ඩලය පවසයි.

    ඒ, රජයේ සහතික මිල යටතේ, වැය කෙරුණු මුදල රුපියල් මිලියන 447ක්. කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,185ක්. ඊට වැය වූ මුදල රුපියල් මිලියන 122ක්. රුපියල් මිලියන 122ක් වැය කොට වවුනියාව ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3,182ක්. මුලතිව් දිස්ත්‍රික්කයෙන්, රුපියල් මිලියන 135කින් වී මෙට්‍රික් ටොන් 3,524ක් මිලදී ගෙන තිබේ.

    මන්නාරම දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 821ක් මිලදී ගෙන ඇත්තේ, රුපියල් මිලියන 33ක මුදලක් වැය කරමින්. තවත් මෙට්‍රික් වී ටොන් 930ක් රුපියල් මිලියන 35ක වියදමින් යාපනය දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන තිබේ. පසුගිය මාස් කන්නයේ වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගත් මෙම වී තොගය රජයේ ගබඩා 25ක රැස්කොට තිබේ. පසුගිය වසරට සාපේක්‍ෂව වී මිලදී ගැනීම 97%කින් වැඩි වී ඇති බවයි, වී අලෙවි මණ්ඩලයේ උතුරු පළාත් කළමනාකරු ශාන්ත කුමාර මහතා පවසයි. සම්බා වී කිලෝවක් රුපියල් 41කට ද නාඩු වී කිලෝවක් රුපියල් 38කට ද මිලදී ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 20:06

    Latest News