පාස්කු ප්‍රහාරයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලය දැක්වූ සහයට මෙරට ප්‍රසාදය

ජූලි 16, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය හා එහි මහලේකම්වරිය දැක්වූ අනුග්‍රහය සහ සහයෝගය සම්බන්ධයෙන් මෙරට ප්‍රසාදය පළ වී තිබේ.

    ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමට දැඩි අවධානයක් යොමු කරන ලෙස ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා දූත මණ්ඩලයෙන් ඉල්ලා සිටී. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මාල්බොරෝ මන්දිරයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ 70 වැනි සංවත්සරයට එක්වෙමිනි. ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා අන්තර්ජාලය ඔස්සේ ද ක්‍රියාත්මක වන බව, ඊට විසඳුම් සෙවීමට පියවර ගත යුතු බව, ඔහු පවසයි.

    අන්තර් ජාල සේවා සපයන්නන් එක්ව ඊට එරෙහිව ක්‍රියා කිරීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දුන්නේය. පසුගිය ක්‍රයිස් චර්ච් ප්‍රහාරය කෙරෙහි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් දැක්වූ ප්‍රතිචාරයට ප්‍රසාදය පළ කරන රවිනාත් ආරියසිංහ මහතා සාමකාමී සහ ආරක්‍ෂිත අන්තර්ජාල සේවාවක් සඳහා සාමාජිකයන්ගේ කැපවීම සමඟ පොදු රාජ්‍ය මණ්ඩලය සයිබර් ප්‍රකාශය සම්මත කිරීම ද පැසසුමට ලක් කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ 19 වැනි රැස්වීමට නායකත්වය ලබා දුන්නේ අමාත්‍ය තිලක් මාරපන මහතායි. උත්සවයට පොදු රාජ්‍ය මණ්ඩලීය එක්සත් රාජධානියේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජෙරම් හන්ට් මහතා, පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ හා එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ද එක්වූහ.

    Latest News