අඩු වියදම් නිවාස ව්‍යාපෘතියකට නියමු වැඩපිළිවෙලක්

ජූලි 16, 2019

    බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණ ව්‍යාපෘතියක් අරඹයි.

    අඩු ආදායම් ලාභි පවුල් සදහා බලශක්තිය අඩු පිරිවැය නිවාස ක්‍රමයක් හදුන්වාදීමේ පර්යේෂණ සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යලය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

    මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. කේ. සී. කේ. පෙරේරා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව් එම ආයතනය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබිණ. මෙම ව්‍යපෘතියේ මුල් අදියර ලෙසින් මොනරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් නිවාස 350ක නියැදීයක් සමීක්ෂණයට ලක් කෙරේ. එම අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම්ලාභි නිවාස වල බලශක්ති පරිභෝජන රටාව හදුනා ගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කිරීමට නියමිතයි. අධ්‍යනයෙන් අනතුරුව අඩු ආදායම් ලාභි පිරිස් සදහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලසුමක් ඉදිරිපත් කෙරෙනු ඇත.  මෙම නිවාස වලට අවශ්‍ය බලශක්තියද නිවසේ වහල මත සවිකරන සුර්ය විදුලිබල පද්ධති හරහා සැපයීමට නියමිතයි.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රිකා රාජපක්ෂ හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් විසින් පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 16:09

    Latest News