හඳපානාගල නිදන් හෑරූ 8ක් පොලිස් අත්අඩංගුවට

ජූලි 16, 2019

    වැල්ලවායේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

    වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ හඳපානාගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගල් කොරියක් ආසන්නයේ නිදන් සොයා කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දිසා පුරා වස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය ඊයේ(15) රාත්‍රි සමත් වී තිබේ.

    සැකකරුවන් විසින් එම ඉඩමේ ඇති කළු ගලක් ආසන්නයේ කුහරයක් විදිමින් පුද පුජා පවත්වමින් මෙම කැනීම් සිදු කරමින් සිටින අතර තුර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු විසිදෙකත් හතලිහත් අතර පසුවන්නන් වන අතර ඔවුන් කොළඹ, තංගල්ල, මහනුවර සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

    සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක් සහ පූජා භාණ්ඩ රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

    Latest News